මාවනැල්ල ප්‍රාදේශීය සභාව
මාවනැල්ල ප්‍රාදේශීය සභාව
මාවනැල්ල ප්‍රාදේශීය සභාව
මාවනැල්ල ප්‍රාදේශීය සභාව
මාවනැල්ල ප්‍රාදේශීය සභාව
මාවනැල්ල ප්‍රාදේශීය සභාව
Previous
Next

මාවනැල්ල ප්‍රාදේශීය සභාව, 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ කොට්ඨාශ 08 කින් යුක්ත වූ මාවනැල්ල සුළු නගර සභාවද, කොට්ඨාශ 23 කින් යුක්ත වූ වාකිරිගල ගම් සභාව සහ කොට්ඨාශ 22 කින් යුක්ත වූ අළුත්නුවර ගම් සභාවද සම්බන්ධ කරමින් 1988.01.01 දින සංස්ථාපනය කරන ලද අතර ප්‍රාදේශීය සභා මුළු බල ප්‍රදේශය වර්ග කිලෝ මීටර් 114කි.

දැක්ම

තිරසාර සංවර්ධනයක් තුලින් සෞභාග්‍යමත් බල ප්‍රදේශයක් බිහිකිරීම

මෙහෙවර

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ වෙසෙන ප්‍රජාවගේ ජීවන තත්ත්වය දියුණු කරලීමේ පරමාර්ථයෙන්
ඔවුන්ගේ ආර්ථික, බුද්ධි සංවර්ධනයට ඉවහල් වන මහජන සෞඛ්‍යය, පොදු මංමාවත්, පොදු
උපයෝගිතා සේවාවන් හා සුඛ විහරණය, සුව පහසුව, සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීම
සහ ප්‍රවර්ධනය කිරීම තුලින් මාවනැල්ලට නවෝදයක අරුණලු උදාකරලීම.

ගව ඝාතකාගාරයක් සඳහා බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විරෝධතා කැඳවීමයි. එම්.එම්. අල්තාෆ් යන අය විසින් බෝවැල්ල පාර, ඇලහිල්ලෑව වත්ත, දනාගම යන ස්ථානයේ ගව ඝාතකාගාරයක් ආරම්භ කිරීමට අනුමැතිය ඉල්ලා ඇත. එබැවින් මාවනැල්ල බල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔබගෙන් විරෝධතා කැඳවනු ලැබේ. එකී විරෝධතා ලිඛිත ව පිටපත් දෙකකින් 2024 පෙබරවාරි 02 දිනට පෙර මා වෙත යොමු කරන ලෙස දන්වා සිටිමි.

ලේකම් හා බලතල කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරි,
මාවනැල්ල ප්‍රාදේශීය සභාව.

ලේකම්තුමියගේ පණිවිඩය

දිනෙන් දින ඉදිරියට යමින් විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති ලෝකයේ ආයතනයක කටයුතු විනිවිදභාවයෙන්, කාර්යක්ෂමව හා ජනතා සහභාගීත්වයෙන් යුතුව කඩිනම් විස්වාශනීය සේවාවක් ලබාදීමට තාක්ෂණික මෙවලම් භාවිතය කාලෝචිත පියවරක් ලෙස මම දකිමි. ඒ අනුව පළාත් පාලන ආයතනයකින් බල ප්‍රදේශයේ මහජනතාවට ඉටු විය යුතු සේවාවන් සංවේදී ලෙස හදුනාගනිමින්, ජනතාවගේ ගැටළු වලට ඉතා සාර්ථක විසඳුම් ලබා දීමටත්, ඉතාමත් ඉහළ මට්ටමේ කාර්යක්ෂම
මහජන සේවාවන් පවත්වාගෙන යාමටත් මෙම වෙබ් අඩවිය පහසුවක් වනු ඇතැයි මාගේ අපේක්ෂාවයි. මාවනැල්ල බල ප්‍රදේශයේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් කැපවීමට සහයෝගය ලබාදෙන හිටපු
ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයත්, සමස්ත කාර්ය මණ්ඩලයත් කෘතවේදීව සිහිපත් කරන අතර ඔබගේ එදිනෙදා සේවා අවශ්‍යතා කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව කාර්යක්ෂමව ඉටු කර
ගැනීමට අප සමඟ එක් වන මෙන් ඇරයුම් කරමි.

අප ආයතනය පිලිබඳ

සබරගමුව පළාතට අයත් දිස්ත්‍රීක්ක දෙකින් කෑගල්ල දිස්ත්‍රීක්කයට අයත් මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතර විශාලත්වයෙන් හතර වන ස්ථානය ගන්නා අතර එහි මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 18608.09 ක් වේ.ග්‍රාම නිලධාරී වසම් 39 ක් මෙම කොට්ඨාශයට අයත්වේ.

සංචාරක ස්ථාන

ඔබ කොළඹ-නුවර මාර්ගයේ ගමන් කරන විට, මුහුදු මට්ටමේ සිට අඩි 1,410 ක් උසින් පිහිටි උතුවන්කන්ද නමින් හැඳින්වෙන චිමිනි වැනි පර්වතය ඔබට දැකගත හැකිය. මෙම පර්වතය සියවස් දෙකකට පෙර සරදියෙල්ගේ සැඟවුණු ස්ථානය ලෙස සේවය කළේය.

මාවනැල්ල

මාවනැල්ල, ශ්‍රී ලංකා
0352 246 275
mawanellaps@yahoo.com